රාමසාන් දිනයේ මුස්ලිම් පල්ලි වලට විශේෂ ආරක්ෂාවක්

ලබන 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.ඒ ජාතීන් අතර අසමඟිය ඇති කිරීමේ අරමුණින් යම් යම් කඩාකප්පල්කාරී පිරිස් මුස්ලිම් ජනතාවට යම් බලපෑම් සිදු කිරීමට හැකි පසුබිමක් නිර්මාණය විය හැකි බැවිනි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට එම උපදෙස් නිකුත් කර ඇති බවකි.ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේ ය.

කාලීන පුවත්