රැජිණගේ අවසන් කටයුතු සඳහා ලන්ඩනයේ පෙර සූදානම

අභාවප්‍රාප්ත බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණගේ දේහයට ගෞරව දැක්වීමට සාමාන්‍ය ජනතාවට ලබාදී තිබූ අවස්ථාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් පෙරවරු 11 ට අවසන්වූ අතර ඉන්පසු පැය 4 ක් පමණ එනම් පස්වරු 02.44 දක්වා වෙස්ට්මින්ස්ටර් මාලිගයේ එය තැන්පත්ව තිබේ.

මේ අතරවාරයේ 2.45 සිට ඇරඹෙන අවසන් කටයුතු පෙරහැරට ලන්ඩන් නගරය සූදානම් කර ඇත.

02.45 ට රැජිනගේ දේහය රැගත් මංජුසාව වෙස්ට්මින්ස්ටර් මාලිගයේ සිට වෙස්ට්මින්ස්ටර් ඇබේ දක්වා පෙරහැරකින් ගෙන යනු ලැබේ. මංජුසාව පසුපසින් චාල්ස් රජු, රාජකීය පවුලේ සාමාජිකයන් එක් වනු ඇත.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.30 දක්වාම මෙම පෙරහැර පැවැත්වේ. පසුව රැජිනගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය වෙස්ට්මින්ස්ටර් ඇබේහිදී ආරම්භ වේ.

 

 

එතෙර - මෙතෙර