රැජිනගේ අවමඟුලට ඇරයුම් නොකිරීම ගැන රුසියාව නොසතුටින් දෙවන එලිසබෙත් රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවය සඳහා ආරාධනයක් නොලැබීම රුසියාවේ දැඩි අවධානයට යොමු ව තිබේ.එමෙන්ම එය “අතිශය වැරදිසහගත හැසිරීමක්” ලෙස ඉකුත් බ්‍රහස්පතින්දා මොස්කව්හි දී විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මාරියා සකාරෝවා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ “භූ දේශපාලනික අරමුණු සඳහා ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවගේ හදවත් ස්පර්ශ කරන ජාතික ඛේදවාචකය භාවිතා කිරීමට” බ්‍රිතාන්‍යය උත්සාහය දරා ඇති බවයි.රාජකීය අවමංගල්‍ය කටයුතු සඳහා රුසියාවට ආරාධනාවක් නොමැති බව බ්‍රිතාන්‍ය රජය ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලයට දන්වා ඇති බවටද සකාරෝවා මහත්මිය චෝදනා කළාය.