රැජිනගේ අවමඟුලට ජනපති හෙට ලන්ඩනයට

ලබන 19 වැනිදා ලන්ඩනයේ බකින්හැම් මාලිගා පරිශ්‍රයේ වෙස්ට්මිනිස්ටර් දෙව් මැදුරේ ලබන පැවැත්වෙන දෙවැනි එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍ය උත්සවයට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (17) අලුයම මහා බ්‍රිතාන්‍ය බලා පිටත්ව යාමට නියමිත බව වාර්තා වේ.එලිසබෙත් රැජිනගේ අභාවය පිළිබඳව, එක්සත් රාජධානියේ රාජකීය පවුලට, එරට රජයට සහ ජනතාවට ජනාධිපති වරයා මීට පෙර ශ්‍රී ලංකාවෙි සාතිශය සංවේගය පළ කර තිබිණි.මෙම රාජකීය අවමංගල්‍ය උත්සවය රූපවාහිනී මාධ්‍යයෙන් ලොව වැඩිම පිරිසක් නරඹනු ඇතැ‍යි අපේක්ෂා කෙරේ.

කාලීන පුවත්