රැට්ටාගේ ගිනුමට මිලියන පහක් දැමූ පුද්ගලයා සොයා ගැනෙයි

ගාලු මුවදොර අරගලයේ ඉදිරිපෙල ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ සමාජ ජාල ක්‍රියාධරයකු වන රැට්ටා හෙවත් රතිදු සේනාරත්න මහතාගේ බැංකු ගිණුමකට රුපියල් මිලියන පහක් බැර කරන ලද පුද්ගලයා පොලිසිය විසින් සොයා ගෙන ඇත.නමුදු එම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට ඔහු ඊයේ(17) කැඳවා තිබුණත් එහි පැමිණ නොසිටි බව වාර්තා වේ.තමන්ගේ බැංකු ගිණුමකට මෙම මුදල බැර වීම සම්බන්ධයෙන් රතිදු සේනාරත්න මහතා තමන් වෘත්තීය සුදුසුකමක් සහිත ගණකාධිකාරී වරයකු බව පවසමින් එසේ තම ගිනුමක මුදල් තැන්පත් කිරීම පිළිබඳ චෝදනාත්මක ප්‍රකාශයක් සිය ෆේස් බුක් ගිනුමෙහි සටහන් කොට පොලිසියට සහ බැංකුවට ද පැමිණිලි කර තිබේ.

කාලීන පුවත්