රිදියගම සෆාරි උද්‍යානය ගැන සොයන්නැයි CIDයට කියයි

රිදියගම සෆාරි උද්‍යානය පිළිබඳව විවිධ පුද්ගලයින් සමාජ මාධ්‍ය සහ ජනමාධ්‍ය හරහා පදනම් විරහිත අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් සිටින බැවින් මෙම කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබෙන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසයි.රිදියගම සෆාරි උද්‍යානය සේවයේ යෙදී සිටි සහ වර්තමානයේ සේවයේ නිරත නිලධාරීන්ගෙන් යම් අනීතික ක්‍රියාවක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් නෛතික පියවර ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

කාලීන පුවත්