රිලා ප්‍රශ්නය කැබිනට්ටුවට

මේ වන විට මහත් ආන්දෝලනයට ලක් ව ඇති මෙරට රිළවුන් චීන සත්වෝද්‍යාන වෙත ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළු‍ව ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.මෙහි පළමු පියවර ලෙස රිළවුන් ලක්ෂයක් චීනයට යැවීමට අපේක්ෂාවෙන් ඉදිරි කටයුතු සිදුකරන බව අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකච්ඡාවක දී අනාවරණය කෙරිණ.නමුදු මෙම කටයුත්ත සම්බන්ධයෙන් බොහෝ පිරිස් රජයෙන් කරුණු විමසා සිටි අතර මෙම කරුණ සම්බන්ධයෙන් වැඩිදුර විමසා සිටින අදාළ කමිටුව කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ඇති බව එම අමාත්‍යාංශය පවසයි.ශ‍්‍රී ලංකාවේ රිළවුන්, චීනයට ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යයනයක් කිරීම සඳහා වනජීවී, අධිකරණ, වැවිලි සහ කෘෂිකර්ම යන අමාත්‍යාංශවල නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක් රජය විසින් පත් කර තිබුණි.චීන නියෝජිත පිරිසක් මෙරට රිලවුන් එරට සත්වෝද්‍යාන වෙත ලබා දෙන ලෙස කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන තිබේ.එහෙත් සත්වෝද්‍යාන සඳහා ඒතරම් සතුන් සංඛ්‍යාවක් ඉල්ලා සිටීමේ සිටම ඒ සම්බන්ධ ගැටළු රැසක් බොහෝ දෙනකු තුළ හටගෙන තිබේ

කාලීන පුවත්