පසුගිය 15 වන දා පෙ.ව 8.00-8.05 අතර කාලය තුළ සිදු කරන ලද මෙරට සතුන් සංගණය සම්බන්ධ දැනට ලැබී ඇති දත්ත සියයට සීයක් නිවැරදි යැයි පිළිගත නොහැකි බව කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි තාක්ෂණික අධ්‍යක්ෂ හේමන්ත සමරසිංහ මහතා සඳහන් කරයි. ඒ අනුව දැනට ලැබී ඇති දත්ත නැවත වතාවක් නිලධාරින් යොදවා නියැදි වශයෙන් සමීක්ෂණ කර තොරතුරු තහවුරු කර ගැනීමට බලාපොරොත්තු වන බව ඔහු කියයි.එතෙක් එම සංගණයේ ප්‍රතිඵල ජනතාව වෙත නිකුත් කළ නොහැකි බව ද ඔහු පවසයි. අධ්‍යක්ෂ වරයා මේ බව ප්‍රකාශ කළේ කෘෂිකර්ම අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමිනි.එමෙන්ම බැලූ බැල්මටම අසාර්ථක බවට පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයන් මුල සිටම අවධාරණය කළ මෙම සත්ව තොරතුරු විමර්ශනය අදාල විශේෂඥ උපදෙස් මත සිදු කරන බවක් කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා කිහිප වරක් පැවසුව ද එම විශේෂඥයන් කවුරුන් ද යන්න ඔහු මේ වන විටත් අනාවරණය කොට නැත.