රිළවුන් වඳුරන් දූපතකට දමා ඔවුන්ට කෑම සැපයිය යුතුයි

වගා හානි කරන රිළවුන් සහ වඳුරන් වැනි වන සතුන් දූපතකට ගෙන ගොස් නිදහස් කර, ඔවුන්ට දිනපතා ආහාර සැපයීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය.ඒ පසුගිය11 ද අම්බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ මූලාසනය දරමිනි.”වගා හානි කරන රිළවුන්,වඳුරන් වැනි වන සතුන් පිළිබඳ සංගණනයක් ලබන 15 වැනිදා රට පුරාම පැවැත්වෙනවා. වගා අස්වනුවලින් සියයට තිහක් හතළිහක් අතර ප්‍රමාණයකට වන සතුන්ගෙන් හානිවෙනවා. මේක අද හාස්‍යයට ලක් කරන අයගෙන් විසඳුමක් ඇහුවාම ඒවාට පිළිතුරු නැහැ,” යැයි නියෝජ්‍ය ඇමතිවරයා පැවසීය.මේ අතර පසුගිය දිනයෙක කෘෂිකර්ම,පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල්කාන්ත මහතා කළ තම වගාබිම් වලට හානි කරන වන සතුන්ට ඕනෑම දෙයක් කිරීමට ගොවීන්ට හැකි බවට කළ නීති විරෝධී හා අත්තනෝමතික ප්‍රකාශය ද බුද්ධිමත් ප්‍රජාවේ දැඩි දෝෂ දර්ශනයට ලක් ව තිබේ.

කාලීන පුවත්