රුපියල් පන් දහසේ දීමනාව පෞද්ගලික අංශයටත් හිමි විය යුතුයි

වත්මන් ජීවන බර රාජ්‍ය සේවකයන්ට මෙන් ම පෞද්ගලික අංශයේ සේවකයන්ට ද එපරිද්දෙන්ම දැනෙන බැවින් රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් ලබා දෙන පෞද්ගලික අංශයේ සේවකයන්ට ද රුපියල් පන්දහසේ දීමනාව එපරිද්දෙන් ම ලැබිය යුතු බව කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කරයි.පෞද්ගලික අංශයේ ඇඟළුම් ක්‍ෂේත්‍රය, වතු ක්‍ෂේත්‍රය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ සාප්පු හා කාර්යාල සේවක පනතින් ආවරණය වන ආයතන ඇතුළු සෑම ක්‍ෂේත්‍රයක් ම නියෝජනය වන පරිදි හාම්පුතුන් කැඳවා මෙම පන්දහසේ දීමනාව ලබා දීම සම්බන්ධයෙන් ඔවුන් සමඟ ද සාකච්ඡා කරන බව කම්කරු ඇමතිවරයා කියයි.ඒ අනුව, මෙම මස 7, 10 සහ 11 යන දිනවල කම්කරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඇමතිවරයා හාම්පුතුන් සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

කාලීන පුවත්