රුපියල් මිලියන 145,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් ලබන 29වනදා සිදු කිරීමට නියමිතව තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ එහිදී දින 91න් කල් පිරෙන රුපියල් මිලියන 40,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් සහ දින 182න් කල් පිරෙන රුපියල් මිලියන 50,000ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරන බවයි.
එමෙන්ම දින 364න් කල් පිරෙන රුපියල් මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත්ද එහිදී වෙන්දේසි කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.