රුපියල හෙමිහිට පල්ලම් බසී

අද(16) දිනයේ ද මෙරට වාණිජ බැංකුවල ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත බැසීමක් පෙන්නුම් කර තිබේ.මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය ඊයේ පැවති රු. 325.26 සිට රු. 327. 20 ක් ලෙස ඉහළ ගොස් ඇති අතර විකුණුම් මිල රු. 344.31 සිට රු. 346.37 ලෙස සටහන්ව ඇත.මේ අතර සම්පත් බැංකුවේ අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය නොවෙනස්ව පවතින අතර එහි ඩොලරයේ ගැනුම් මිල රු. 330 ක් සහ විකුණුම් මිල රු. 345ක් ලෙස සටහන්ව ඇත. එමෙන්ම හැටන් නැෂනල් බැංකුවේ ද අද දිනයේ ඩොලරයේ අගය සටහන්ව ඇත්තේ ගැනුම් මිල රු.330ක් සහ විකිණුම් මිල රු.345ක් ලෙසිනි.කොමර්ෂල් බැංකුව අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 332.96ක් ලෙස සටහන්ව ඇති අතර එහි විකුණුම් මිල රු. 351.50ක් ලෙස සටහන්ව ඇත. සෙලාන් බැංකුවේ අද ඩොලරයේ ගැනුම් මිල රු.325ක් ලෙස සටහන්ව ඇති අතර විකිණුම් මිල රු. 346ක් ලෙස සදහන් වේ.

කාලීන පුවත්