රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අතහැර දමා නැහැ රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු මුළුමනින්ම අත්හැර දමා ඇති බවට ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් වත්මන් රජයේ සංවර්ධන ප්‍රමුඛතා ලැයිස්තුවට අනුව මෙම මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවා ඇත්තේ තාවකාලිකව බවත් ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.ඔහු පවසන අන්දමට මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල ගලගෙදර අතර කොටස සඳහා ප්‍රමුඛතාව ලබා දෙමින් ඉදිකිරීම් ආරම්භ කිරීමට මේ වන විට සැලසුම් කර තිබේ.පොතුහැර, රඹුක්කන කොටසත්, රඹුක්කන ගලගෙදර කොටසත් ලෙස කොටස් දෙකකට මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීමට නියමිත ය.පොතුහැර රඹුක්කන කොටසේ ඉදිකිරීම් ලබන වසරේ අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර රඹුක්කන ගලගෙදර කොටස වසර තුනක් ඇතුලත අවසන් කරීමට රජය සැලසුම් කර තිබේ.දැනට දීර්ඝ කාලයක සිට ඉදිකිරීම් කටයුතු අතරමග නවතා ඇති කඩවත මීරිගම කොටසේ ඉදිකිරීම් ද චීන ආධාර යටතේ සිදුකිරීමට සැලසුම් කර ඇති අතර රුවන්පුර අධිවේගී මාර්ගය කහතුඩුවේ සිට හොරණ ඉංගිරිය හරහා රත්නපුර දක්වා ඉදිකිරීමට නියමිතය.