රුසියානු ඛනිජ තෙල් වාසිය”කොමිස් ගිලින”නිලධාරීන් අවහිර කරගෙන!

වසර දෙකක ණය පදනමක් යටතේ මාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල්, ලෝක වෙළඳපෙළෙහි පවතින මිලටත් වඩා 15%-35%ක් අඩුවට ලබා දීමපිණිස රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ වන විට සති තුනක කාලයක් ගත වී ඇති බවත් එම සංස්ථාවේ කොමිස් ගිලින නිලධාරීන් එම ව්‍යාපෘතියෙන් තමන්ට කොමිස් නොලැබෙන නිසා එය කඩාකප්පල් කිරීමට කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කරයි.එනිසා තෙල් පෝලිම්වලදී විස්සකට අධික පිරිසක් මියගොස් ඇති මේ මොහොතේ, ඉහත කී නිලධාරීන්ට යට නොවී එම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා, විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලය වහා පියවර ගත යුතුව ඇති බව ද ඒ මහතා අවධාරණය කළේය.ඊයේ(05) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමරවීර මහතා මෙසේ සඳහන් කළේය.

කාලීන පුවත්