රුසියානු ප්‍රහාරක සැළසුම ගැන යුක්‍රේනය සාකච්ඡාවක් පතයි

යුක්‍රේන දේශසීමාව ආසන්නයේ යුදමය තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් රුසියාව සහ ප්‍රධාන යුරෝපීය ආරක්ෂක සංගමයේ සාමාජිකයින් සමඟ සාකච්ඡාවක අවශ්‍යතාව යුක්රේනය පෙන්වා දී තිබේ. යුක්‍රේන දේශ සීමා අද්දර සන්නද්ධ හමුදා රැස් කිරීම පිළිබඳව විධිමත්ව කරුණු දැක්වීමට රුසියාව අපොහොසත් වී ඇතැයි පවසන යුක්‍රේනය පෙන්වා දෙන්නේ රුසියානු සන්නද්ධ භට පිරිස් ලක්ෂයකටත් වඩා තම දේශ සීමා අද්දර රැස් කිරීම පිලිබදව විධිමත්ව පැහැදිලි කිරීමට වියානා සම්මුතියේ නීති රීතින් ප්‍රකාරව එළඹෙන සිකුරාදා වන විට රුසියාව කටයුතු කළ යුතු බවයි.

කාලීන පුවත්