රුසියානු ප්‍රහාර අතරේ රුසියානු යුක්රේන සාම සාකච්ඡා අදත්

රුසියානු-යුක්රේන යුදමය තත්වය සම්බන්ධයෙන් දෙරට නියෝජිතයන් අතර පැවැති සිව් වන වටයේ සාකච්ඡා ද තීරණයකින් තොරව අවසන් වූ මුත් තවත් සාකච්ඡා වටයක් අද(15) ද පැවැත්වෙනු ඇත.යුක්රේනයේ නගරවලට රුසියාව තවමත් යුක්රේනයේ නගරවලට අඛන්ඩව බෝම්බ ප්‍රහාර එල්ල කරන අතර යුක්රේනයේ මරියුපෝල් නගරයේ කොටුවිී සිටින සිවිල් වැසියන් රැගත් 160 කින් යුතු වාහන පෙළකට නගරයෙන් පිටතට පැමිණිමට හැකි වූ බව නගර බලධාරීහු පැවසුහ. නමුත් නගරයෙන් පිටතට පැමිණි ජනතාව උග්‍ර ආහාර හා පානිීය ජලය නොමැතිව දැඩි දුෂ්කරතාවලට මුහුණදී සිටි අතර සහනාධාර කණ්ඩායම් පවා තවමත් එම ප්‍රදේශයට අවතීර්ණ වී නොමැති බව පැවසෙයි.

කාලීන පුවත්