රුසියානු යුක්රේන සාම කතා බෙලරුසියා දේශ සීමාවේ දී පවත්නා යුදමය තත්වය නිමා කිරීම පිණිස රුසියාව සමඟ බෙලරුසියා දේශ සීමාවේදී සාකච්ඡා කිරීමට තමන් එකඟ වූ බව යුක්රේන ජනාධිපති වොලොදොමිර් සෙලෙන්ස්කි පවසයි. ඒ නිවේදනයක් නිකුත් කරමිනි.රුසියානු හමුදා යුක්රේනයට බෙලරුසියානු දේශසීමා තුළින් ඇතුළු වීම හේතුවෙන් සාකච්ඡා සිදු විය යුත්තේ බෙලරුසියාවෙන් පිටත තැනක බව යුක්රේන ජනාධිපති වරයා මීට පෙර අවධාරණය කොට තිබිණ. නමුත් තමන් පසුව ඒ සම්බන්ධයෙන් බෙලරුසියානු ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ දුරකතන සංවාදයක නිරත වූ බවත් සාකච්ඡා නිමා වනතුරුතෙක් ප්රහාරක යානා ඇතුළු සියලුම අවි ආයුධ දැනට ඇති ස්ථාන වල අක්රියව තැබීමේ වගකීම බෙලරුසියානු ජනපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ භාරගත් බවත් යුක්රේන ජනාධිපති වරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.