රුසියාව සහ යුක්රේනය අතර පළමු වටයේ සාම සාකච්ඡා නිමාවට පත් වුවද යුක්රේනයට ඇතුළු වූ රුසියානු හමුදා සන්නධ රථ කිව් අගනුවර ආසන්නයෛ් තවදුරටත් රැඳී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.මෙම සාකච්ඡා සිදුවන අතරේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීමත යුක්රේනයෙන් රුසියානු හමුදා ඉවත්වීමත් කඩිනමින් සිදු විය යුතු බව යුක්රේනය කියා සිටියි.කිව් අගනුවර ආසන්නයේ තිබෙන රුසියානු යුද රථ පෙළ කිලෝමීටර 27 ක් පමණ දිගකින් යුතු බවත් යුද්ධයක් පවත්වාගෙන යාමට අවශ්‍ය සියලු අවි සහ සෙසු සියලු උපකරණ ඊට ඇතුලත් බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.මේ තත්වය යටතේ වුව ඉදිරි දිනකදී දෙවන වටයේ සාකච්ඡා පැවැත්වීමට දෙපාර්ශවය එකඟතාව පළ කර ඇති බවත් සාමය සඳහා ඉවහල් වන මූලික එකඟතා කිහිපයක් ඇති වූ බවත් පැවසෙයි.