ජීවිත දහස් ගණනක් විනාශයට පත් කරමින් සහ මිලියන ගණන් යුක්‍රේනුනුවන්ට රට එපා කරමින් රුසියානු යුක්රේන යුද්ධය මේ වනවිටත් දරුණු අන්දමින් පැතිරෙමින් පවතී.එහෙත්, මිනිස් ජීවිතවලට අමතරව යුක්රේනය යනු ලෝකයේ අතිශය සුන්දර සහ විශේෂත්වයෙන් යුතු රටක් වූ බව බොහෝදෙනා නොදනිති. යුරෝපා රටක් වන යුක්රේනය යුරෝපයට අයත් විශාලතම රට වන අතර එය වර්ග කිලෝමීටර් 603628 ක භූමියකින් යුක්තය. සතුරු රුසියාව පිහිටා තිබෙන්නේ යුක්රේනයට නැගෙනහිරින දෙසිනි.
යුනෙස්කෝව වාර්තා කරන ආකාරයට යුක්රේනය යුනෙස්කෝ ලෝක උරුම කලාප හතකින් යුක්ත ය. යුක්රේනයේ පිහිටා ඇති විශේෂිත වැදගත්කමක් සහිත දේවස්ථාන, විශ්ව විද්‍යාල, වෙරළ තීර, කදු පන්ති, වනාන්තර, ගංගා ආදිය එයට අයත් වේ.
ලෝකයේ සුන්දරම භාෂා අතරින් තුන්වන ස්ථානය ලැබී තිබෙන්නේ යුක්රේනියන් භාෂාවට ය. එහි පළමුවැන්න ප්‍රංශ භාෂාව වන අතර දෙවැනි තැන පර්සියානු භාෂාව ය. ලෝකයේ වැඩිම සාක්ෂරතාවක් සහිත රටවල් අතරට යුක්රේනය ද අයත් වේ. එහි සාක්ෂරතාව සියයට 100 කි.
යුරෝපයේ විධිමත් බවකින් සහ විවිධත්වයකින් යුතු ප්‍රවාහන සේවාවක් සහිත රටවල් අතර ද යුක්රේනය ඉහළින් ම පවතී. මෙට්‍රෝ දුම්රිය සේවා, අභ්‍යන්තර ගුවන් සේවා, අභ්‍යන්තර බෝට්ටු සේවා, බස්රථ, කුළී රථ ආදිය විධිමත් කාල සටහන් අනුව ප්‍රවාහනයේ යෙදෙන අතර ලොව බරින් වැඩිම මගී ගුවන් යානාවලින් එකක් වූ ඇන්ටනෝව් 225 ගුවන් යානයක අයිතිය ද යුක්රේනය සතු වේ. කිලෝ 285000 ක බරක් ප්‍රවාහනය කිරීමට හැකියාව ඇති මෙම ගුවන් යානයේ පියාපත් මීටර් 88 ක් පුරා විහිදීමේ හැකියාව තිබේ. ලොව බරින් වැඩිම ගුවන් යානය ලෙස ද මෙය ඉතිහාසගත ය. පහුගිය දා රුසියානු ප්‍රහාරවලින් විනාශයට පත් වුයේ මෙකී ගුවන් යනාය යි.
ලොව ගැඹුරින්ම පිහිටා ඇති දුම්රිය මාර්ග අතරින් දෙවැනි තැන හිමිවන්නේ යුක්රේනයේ රුසියාවට බිලි වෙමින් පවතින “රන්වන් මිනිසුන්ගේ” දේශය;යුක්රේනය ජීවිත දහස් ගණනක් විනාශයට පත් කරමින් සහ මිලියන ගණන් යුක්‍රේනුනුවන්ට රට එපා කරමින් රුසියානු යුක්රේන යුද්ධය මේ වනවිටත් දරුණු අන්දමින් පැතිරෙමින් පවතී.එහෙත්, මිනිස් ජීවිතවලට අමතරව යුක්රේනය යනු ලෝකයේ අතිශය සුන්දර සහ විශේෂත්වයෙන් යුතු රටක් වූ බව බොහෝදෙනා නොදනිති. යුරෝපා රටක් වන යුක්රේනය යුරෝපයට අයත් විශාලතම රට වන අතර එය වර්ග කිලෝමීටර් 603628 ක භූමියකින් යුක්තය. සතුරු රුසියාව පිහිටා තිබෙන්නේ යුක්රේනයට නැගෙනහිරින දෙසිනි.
යුනෙස්කෝව වාර්තා කරන ආකාරයට යුක්රේනය යුනෙස්කෝ ලෝක උරුම කලාප හතකින් යුක්ත ය. යුක්රේනයේ පිහිටා ඇති විශේෂිත වැදගත්කමක් සහිත දේවස්ථාන, විශ්ව විද්‍යාල, වෙරළ තීර, කදු පන්ති, වනාන්තර, ගංගා ආදිය එයට අයත් වේ.
ලෝකයේ සුන්දරම භාෂා අතරින් තුන්වන ස්ථානය ලැබී තිබෙන්නේ යුක්රේනියන් භාෂාවට ය. එහි පළමුවැන්න ප්‍රංශ භාෂාව වන අතර දෙවැනි තැන පර්සියානු භාෂාව ය. ලෝකයේ වැඩිම සාක්ෂරතාවක් සහිත රටවල් අතරට යුක්රේනය ද අයත් වේ. එහි සාක්ෂරතාව සියයට 100 කි.
යුරෝපයේ විධිමත් බවකින් සහ විවිධත්වයකින් යුතු ප්‍රවාහන සේවාවක් සහිත රටවල් අතර ද යුක්රේනය ඉහළින් ම පවතී. මෙට්‍රෝ දුම්රිය සේවා, අභ්‍යන්තර ගුවන් සේවා, අභ්‍යන්තර බෝට්ටු සේවා, බස්රථ, කුළී රථ ආදිය විධිමත් කාල සටහන් අනුව ප්‍රවාහනයේ යෙදෙන අතර ලොව බරින් වැඩිම මගී ගුවන් යානාවලින් එකක් වූ ඇන්ටනෝව් 225 ගුවන් යානයක අයිතිය ද යුක්රේනය සතු වේ. කිලෝ 285000 ක බරක් ප්‍රවාහනය කිරීමට හැකියාව ඇති මෙම ගුවන් යානයේ පියාපත් මීටර් 88 ක් පුරා විහිදීමේ හැකියාව තිබේ. ලොව බරින් වැඩිම ගුවන් යානය ලෙස ද මෙය ඉතිහාසගත ය. පහුගිය දා රුසියානු ප්‍රහාරවලින් විනාශයට පත් වුයේ මෙකී ගුවන් යනාය යි.
ලොව ගැඹුරින්ම පිහිටා ඇති දුම්රිය මාර්ග අතරින් දෙවැනි තැන හිමිවන්නේ යුක්රේනයේ මෙට්‍රෝ Kyiv’s Sviatoshynsko-Brovarska දුම්රිය මාර්ගයට වන අතර එය පොලොව මට්ටමින් අඩි 346 ක් ගැඹුරින් ඉදිකර තිබේ. කොපමණ වේගයකින්, කොපමණ ශබ්ද නගමින් මෙම දුම්රිය මාර්ගය දිගේ දුම්රිය ධාවනය වුව ද එවායේ ශබ්දය පොලොව මතුපිටට යාන්තමින් වත් නොඇසෙන ආකාරයට මෙය ඉදි කර තිබේ. සීතල යුද්ධය පැවති සමයේ ඉදි කර ඇති මෙම භුගත දුම්රිය මාර්ගය එම යුගයේ බෝම්බ ප්‍රහාරවලින් මිනිස් ජීවිත දහස් ගණනක් නිරුපද්‍රිතව තබා ගැනීමට උපකාරී වූ ස්ථානයක් ලෙස ද වාර්තා වේ.
යුරෝපයේ විශාලතම තිරිඟු නිෂ්පාදකයා වන යුක්රේනය Berad basket of Europe යන විරුදාවලිය ලබා සිටී. එපමණත් ද නොව ලෝකයේ විශාලතම සුරියකාන්ත බීජ නිෂ්පාදකයා වන්නේ ද යුක්රේනයයි. ඊට අමතරව ආහාර සදහා සත්ව පාලනය, හතු වර්ග, කිරි ආශ්රිත නිෂ්පාදන සදහා යුරෝපය තුළ ඉහළම ඉල්ලුම ලැබෙන්නේ ද යුක්රේනයට ය. මේ නිසාම මෙවැනි ආහාර සදහා විශාල වෙළදපොලක් නිර්මාණය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී තිබේ.
යුරෝපානුවන් අතරින් සුන්දර රන්වන් පැහැ සමක් සහිත වැසියන් ජීවත් වන්නේ යුක්රේනයේ ය. මේ නිසාම සෙසු යුරෝපීයයන් අතරින් යුක්රේන ජාතිකයන් කැපී පෙනේ. පසුගිය වසර 20 ක ඉතිහාසය විමසා බැලීමේ දී ලෝක රූ රැජින, ලෝක විවාහක රූ රැජින, විශ්ව රූ රැජින ආදී තරග ඉසව්වන්හි කිරුළු රැසක් යුක්රේන කාන්තාවන් විසින් දිනාගෙන තිබේ.
යුරෝපයේ හොදම දේශගුණික විවිධත්වයක් ඇති රට වන්නේ ද යුක්රේනයයි. නැගෙනහිර දිග යුක්රේනයය සෙල්සියල් අංශක 5 ක පමණ පාරිසරික උෂ්ණත්වයක් පවතින මොහොතක බටහිර යුක්රේනයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 28 ක් 30 ක් පමණ වේ. මේ නිසා උණුසුම් මෙන්ම වියළි පාරිසරික තත්වයන්ට සුදුසු බෝග වගා ක්‍රම රැසක් යුක්රේන ගොවීහු විසින් භාවිත කරති.
මෙවැනි කී සහ නොකී විශේෂතා රැසකින් යුතු යුක්රේනය පසුගිය දා ආරම්භ වු රුසියානු යුක්රේන යුද්ධයෙන් විනාශයට ලක් වෙමින් පවතින්නේ බලවත් රටවල බල ලෝභය නිසා පමණක් නොව ලෝ වැසි සියල්ලන්ගේ ම අභාග්‍යය නිසා වන්නට ද පුළුවන.
දුලංජලී මුතුවාඩිගේ