ගිංතොට දුම්රිය ස්ථානය ආසන්නයේදී ඊයේ (31) රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා එල්ල වී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
පීලි පැනීමට ලක් වූ රුහුණු කුමාරි දුම්රියේ පිටුපස එංජිම පීලි ගත කර ඇති බවත් තව මැදිරියක් පීලි ගත කිරීම මේ වනවිට සිදු වෙමින් පවතින බවත් පාලක මැදිරිය සඳහන් කරයි.
දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කිරිම සඳහා තවත් පැය කිහිපයක් ගත වන බව සඳහන්.