රේල් පාරවල් අවට වන අලි ඉන්නවා නම් “එස්.එම් ලා”ට කෝල් කරන්න

දුම්රිය වල ගැටී වන මිය යෑම සම්බන්ධයෙන් අඩු වියදම් සැලසුමක් අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කොට තිබේ.දුම්රිය මාර්ග ආසන්න අලි ගැවසෙන්නේ නම් එම ආසන්න ගම්මානවල වැසියන්ට දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දුරකථන ඇමතුමක් හරහා දැනුම් දී යුතු බව පවසන අමාත්‍යවරයා එමඟින් පෙන්වා දෙන්නේ මෙම විසඳුම කාලයක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවට ගෙන තිබුණත් ක්‍රියාවට නැංවී නැති බව ය.එසේ දැනුම් දීමෙන් පසුදුම්රිය ස්ථානාධිපති එම මාර්ගයේ ධාවනය කරන දුම්රියවල රියදුරන්ට ඒවා දැනුම් දීමෙන් වන අලි මරණ සංඛ්‍යාව අඩු කර ගත හැකි බවද අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අදහස් පළ කරමිනි.

කාලීන පුවත්