හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතාගේ අවසන් කටයුතු සිදු කරන හෙට (01) දිනය දකුණු පළාත සඳහා ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන බව දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතා පවසයි.අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය රොනී ද මෙල් මහතා දකුණු පළාත තුළ රුහුණු විශ්වවිද්‍යාලය ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කොට ඇත.1977 වසරේ දෙවිනුවර ආසනයෙන් පාර්ලිමේන්තුවට පත්ව, මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍ය ධූරය දරමින් ශ්‍රී ලංකාවට නිදහස් වෙළෙඳ ආර්ථිකයක් හඳුන්වා දීම සඳහා පුරෝගාමීයෙකු ලෙස කටයුතු කළ ඔහු ආර්ථික විශේෂඥයකු ලෙස පිළි ගැනෙයි.ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති හෙට දිනයේ දකුණු පළාත තුළ සියලු ම රාජ්‍ය අයතනවල ජාතික කොඩිය අඩ කුඹු කර තබන ලෙස ආණ්ඩුකාරවරයා ඉල්ලීමක් කර තිබේ.අභාවප්‍රාප්ත රොනී ද මෙල් මහතා සිය අන්තිම කැමති පත්‍රය මඟින් තම දේහය පාර්ලිමේන්තු පරිශ්‍රයේ තැන්පත් නොකරන ලෙස ඉල්ලා සිටීම ද විශේෂත්වයකි.