ප්‍රවීන රංගන ශිල්පියෙක් වන රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ මහතා මියයන විට 84 හැවිරිදි වියේ පසුවිය.
වර්ෂ 1961 දී සිංහල සිනමාවට සම්ප්රාප්තවන රොබින් පසු වකවානුවේ චිත්‍රපට අධ්යක්ෂවරයකු හා නිෂ්පාදකවරයකු ලෙස ක්ෂේත්රයට අසීමිත සේවයක් ඉටුකළේය.
ඔහු චිත්‍රපට විශාල සංඛ්‍යාවකට මෙන්ම ටෙලි නාට්‍ය කිහිපයකට ද රංගනයෙන් දායක විය.
ඔහුගේ ප්‍රථම සිනමා රංගනය චණ්ඩියා හරහා පැමිණි නමුත් එය තිරගත වූයේ 1964 දීය.1965 චණ්ඩියා චිත්‍රපටය ඔහුගේ ගමන වෙනස් කළ අතර ඉන් ප්‍රකටවී සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.
දෙවන චිත්‍රපටය වූයේ. ධීවරයෝ ය. ඔහු සිංහල චිත්‍රපට 80 කට වඩා රඟපා ඇත.1983 දී ප්‍රනාන්දු සිය ප්‍රථම චිත්‍රපටය සූර දූතියෝ අධ්‍යක්ෂණය කළ අතර එය සත්‍ය සිදුවීම් පාදක කර ගත්තේය.
ඔහුගේ අවසන් අධ්‍යක්ෂණය Ninja Sri Lanka නම් විය.
ඔහුගේ ප්‍රථම රූපවාහිනී රංගනය එංගලන්තයේදී රූගත කරන ලද ශ්‍රියානි අමරසේනගේ ඉර බටු තරුව ය. රොබින් ප්‍රනාන්දුගේ අනෙකුත් රූපවාහිනී කතාමාලා අතර චන්ද්රමායා, හැංගිමුත්තම්, පරාදීසය සහ දාමිණි ඇතුළත් වේ.
මහරගම වත්තේගෙදර පාරේ නිවසේදී ඔහු මියගියේය. අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.