රොෂාන් රණසිංහ ඇමති පදවි වලින් ඉවතට

ක්‍රීඩා හා තරුණ කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එම අමාත්‍ය වලින් ඉවත් කොට තිබේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සතු බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන තිබේ.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධ ගැටලුව මෙම තීරණයට හේතුවී ඇත.ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා පාර්ශ්වය චෝදනා කර ඇත්තේ ඇමතිගේ වරයාගේ මැදිහත් වීම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තුළ දේශපාලන බලපෑම් මතුව ඇති බවයි. මේ නිසා අයිසීසීය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කළ අතර පසුගියදා පැවති රැස්වීමේදීද තහනම සනාථ කර ඇත්තේ ඇමති වරයා සිටින තුරු ක්‍රිකට් තහනම ඉවත් කළ නොහැකි බව පවසමිනි. නමුදු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුළ දූෂණ හා අක්‍රමිකතා සිදුවන බවට විශාල ජන මතයක් සේම පාර්ලිමේන්තුව තුළ බහුතර මතයක් ද ගොඩ නැඟී තිබේ.එනිසා ජනාධිපති වරයා ගත් මෙම තීර්නණ දිරි දේශපාලන අකටුතු සම්,බන්ධයෙන් ද තීරණාත්මක බලපෑමක් ඇති කිරීමට සමත් වනු ඇතැයි ඇතැම්හු කියති.
]

කාලීන පුවත්