අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය සඳහා ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියෙන් තවත් ඩොලර් බිලියනයක ණය පහසුකම් ඉල්ලා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කොට ඇත. මේ වන විට ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් පමණක් ලබා ගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 3.4කි.2020 ජනවාරි මාසයේ සිට මේ දක්වා ශ්‍රී ලංකාව සතු විදේශ විනිමය සංචිත ප්‍රමාණය සියයට 70 කින් පහළ වැටී අතර ශ්‍රී ලංකාව මෙවන් ආර්ථික අගාධයකට ඇද වැටුණු මුල්ම අවස්ථාව ද මෙය බව පැවසෙයි.මෙම ණය මුදල ලබා දීම පිණිස ඉන්දියාව එකඟතාව පළ කොට ඇති අතර මෙම ණය වලට අදාල කොන්දේසි ප්‍රසිද්ධියට පත් නොවීම කෙරෙහි බොහෝ දෙන්කු තුළ සැක පහළ වී තිබේ.