අවශ්‍ය නම් මෙරට විදුලි බල උත්පාදනයට අවශ්‍ය ඉන්ධන ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ලබා නොගෙන සෘජුවම ආනයනය කිරිමේ හැකියාවක් ලංකා විදුලිබල මණ්ඩලය සතුව පවතින බැවින් ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන බව අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා කියයි.
ඒ අතර යම් ඉන්ධන ප්‍රමාණයක් ඉන්දීය තෙල් සමාගමෙන් ද ලබාගැනීමේ හැකියාව පවතින ලොකුගේ මහතා කියයි. ඒ පිළිබඳව මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කෙරෙමින් පවතින අතර.
සූර්ය බල විදුලිය නිෂ්පාදනය කිරිමේ වැඩසටහනක් ද ඉදිරියේ දී සිදුකිරීමට සැලසුම් කර ඇතැයි කී ඇමති වරයා එමඟින් මෙගාවොට් 50 ට වැඩි නිෂ්පාදනයක් ජාතික විදුලි පද්ධතියට කළ හැකි බවත් සමාගම් 50 ක් පමණ ඒ සඳහා සහභාගී කරවා ගැනීමට අපේක්ෂා කරන බවත් වැඩිදුරටත් සඳහන් කරයි.