ලංකා සතොස ආහාර ද්‍රව්‍ය හයක මිල පහත හෙළයි

ලංකා සතොස අද (19) සිට සුදු ලූණු,පාන්පිටි ,වියළි හාල්මැස්සන්,කඩල පරිප්පු,සුදු සීනි සහ ආනයනික සුදු කැකුළු යන ආහාර ද්‍රව්‍ය මිල අඩුකිරීමට තීරණය කර තිබේ.සුදු ලූණු කිලෝ එකක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 490කි. .පාන්පිටි කිලෝ එකක මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 320කි.ඒ අතර වියළි හාල්මැස්සන් කිලෝ එකක මිල රුපියල් 50කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 1450කි.කඩල පරිප්පු කිලෝ එකක මිල රුපියල් 30කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 285කි.එමෙන්ම සුදු සීනි කිලෝ එකක මිල රුපියල් 15කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 260කි.ආනයනික සුදු කැකුළු සහල් කිලෝ එකක මිල රුපියල් 5 කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 169කි.

කාලීන පුවත්