ලංගමයෙන් සිසුන්ට සති අග ගමන් පහසුවක්

පාසල් සිසුන්, කාර්මික විද්‍යාල සිසුන් සහ විශ්ව විද්‍යාල සිසුන්ට නිකුත් කරනු ලබන ලංගම ගමන් වාර ප්‍රවේශ පත්‍ර මඟින් සෙනසුරාදා, ඉරිදා සහ අනෙකුත් සියලුම නිවාඩු දිනයන්වල දී ගමන් කිරීමට අවසර ලබා දෙන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පවසයි.නිවාඩු දිනවල දී සිදුකරනු ලබන ගමන් වාරවල දී සිසුන් දැඩි අපහසුතාවයන්ට පත් වන බවට ලැබුණු පැමිණිලි සැළකිල්ලට ගෙන සිසුන්ට ඒ සඳහා අවසර ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට උපදෙස් ලබාදි තිබේ.ඒ අනුව මාසයක් සඳහා ලබාගන්නා වාර ප්‍රවේශ පත්‍ර මඟින් අදාළ මාසයේ සෑම දිනකම ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල ගමන් කිරීමට හැකියාව තිබේ.

කාලීන පුවත්