ලංගමය “කොට උඩ” තැබීමේ සැළසුමක් ?

ලංගම බස් සේවාව දිනෙන් දින අඩාල වන පසුබිමක එය නැවත නඟා සිටුවීමට කටයුතු කිරීම වෙනුවට පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඩිපෝ මඟින් ඉන්ධන ලබා දීම වැනි කටයුතු තුළින් ලංගමය අඩපණ කොට පෞද්ගලික බස් සේවාව ප්‍රවර්ධනය කිරීමේ සියුම් සැළසුමක් රජය විසින් ක්‍රියාත්මක කරන්නේ ද යන සැකය තමන් තුළ පවතින බවට ලංකා ගමනාගමන මණ්ඩල සේවකයෝ මැසිවිලි නඟති. ලංගම ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඉන්ධන ලබා දීමේ දී එම ඩිපෝ සතුව පවතින ඉන්ධන ගබඩා පහසුකම් පිළිබඳව පවා රජය කිසිදු තැකීමක් නොකොට තම සම්පූර්ණ අවධානය පෞද්ගලික බස් කරුවන් වෙතට යොමු කොට ඇතැයි ද ලංගම සේවකයෝ චෝදනා කරති මේ අතර මේ වන විට ලංගමය සතුව බස් රථ 7,500ක ප්‍රමාණයෙන් බස් රථ 2,000ක පමණ විවිධ කාර්මික දෝෂ නිසා ධාවනයෙන් ඉවත් කර තිබෙන බව සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ද සඳහන් කරයි.මේ නිසා මෙම බස් රථ යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන හා අලුතින් බස් රථ ප්‍රමාණයක් ලංගමයට ලබාදෙන ලෙස ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතාගෙන් ඉල්ලා සිටින බවද එම සංගමය කියයි.. වසර පහකට අධික කාලයකින් මෙපිට ලංගමයට අලුතින් බස්රථ ලබාදී නොමැති බවත්, වර්තමාන ආණ්ඩුව යටතේ අලුත්වැඩියා කටයුතු කර ඇත්තේ අබලන්ව පවතින බස් රථ 200ක් පමණක් බවත් එය ලංගමයේ ඉදිරි යහපැවැත්ම සඳහා කෙසේ වත් ප්‍රමාණවත් නොවන බවත් ලංගම සේවකයෝ පෙන්වා දෙති.

කාලීන පුවත්