ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් ඩිපෝවල පිරවුම්හල් යොදා ගනිමින් පෞද්ගලික හා සංචාරක බස්රථ හා පාසල් වෑන් රථවලට පොලිස් අධීක්ෂණය යටතේ ඉන්ධන නිකුත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී තිබේ. ඒ අතරේ දැනට ලැබී ඇති සහ ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත ඉන්ධන තොග ක්‍රමවත්ව දිවයින පුරා ඉන්ධන හල් වෙත බෙදාහැරීමට පියවර ගතයුතු බව ද ජනාධිපති වරයා පවසා තිබේ.ඒ ඊයේ(17) කොළඹ ජනාධිපති මන්දිරයේදී පෙට්‍රල් ඩීසල් ගෑස් බෙදාහැරීම සහ ආනයනය සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී ය.එහෙත්,ලංකා ගමනාගමන මණ්ඩලය සතු ඩිපෝ අතලොස්සක හැරුණු කොට සෙසු ඩිපෝ කිසිවක එලෙස අතිරේක ඉන්ධන ප්‍රමාණයක් ගබඩා කිරීමේ පහසුකම් නොමැති බවත් එම තත්වය යටතේ ලංගම ඩිපෝ සතු ඩීසල් සංචිත පෞද්ගලික හා සංචාරක බස්රථ හා පාසල් වෑන් රථවලට ලබා දුනහොත් එමඟින් ලංගම බස් රථ සේවාව මුළුමනින්ම අඩාල විය හැකි බවත් පැවසූ ලංකා ගමනාගමන මණ්ඩල ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු කියා සිටියේ මෙය “අටුව කඩා පුටුව හැදුවාක් වැනි” තත්වයක් බවය. ලංකා ගමනාගමන මණ්ඩලය ප්‍රවාහන ඇමති වරයා මඟින් මෙම ත්ත්වය මින් පෙර ද දැනුම් දී ඇති බව ද ඔහු කීය.බස් රථ ධාවනය නොකොට ඉන්ධන පිරවුම් හල් වශයෙන් පමණක් ලංගමය පවත්වා ගෙන යාම එහි පැවැත්ම සම්බන්ධයෙන් බරපතල අවදානම් සහගත තත්වයක් බව පැවසූ ඔහු වැඩි දුරටත් කියා සිටියේ ජනාධිපති වරයාගේ මෙම තීරණය ජනාධිපති වරයා මීට පෙර ගත් රසායනික පොහොර තහනම වැනි අඥාන තීරණයක් බවය.