ලංගම ඩිපෝ වලින් පෞද්ගලික බස් රථ වලට ඩීසල් දීම අර්බුදයක පෞද්ගලික බස් රථසඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මඟින් ඩීසල් ලබාදෙන බවට අමාත්‍යවරයා පොරොන්දු වුවද එය ඉටුවන්නේ අතලොස්සක් ඩිපෝවලින් පමණක් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.දැනට ඩීසල් ලබාදෙන ඩිපෝ ද එය නිකුත් කරන්නේ පස්වරු 06.00 වෙනතෙක් පමණක් වන අතර පෞද්ගලික බස් රථ සඳහා අමාත්‍යවරයා සැලකිල්ල දක්වන්නේ මෙවැනි තත්ත්වයක් තුළ නම් ඔහුට දැනෙන පාඩමක් ඉගැන්වීමට පසුබට නොවන බව ද අංජන ප්‍රියන්ජිත් මහතා කියයි.එහෙත් ප්‍රවාහන ඇමති වරයා පෞද්ගලික බස් රථ සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ මඟින් ඩීසල් ලබාදෙන බවට කළ ප්‍රකාශය අතිශය පදනම් විරහිත වූවක් බව පවසන ලංකා ගමනාගමන මණ්ඩල ආරංචි මාර්ග වැඩි දුරටත් පවසා සිටිනුයේ දැනට වැඩිපුර ඩීසල් ගබඩා කොට තබා ගත හැක්කේ දිවයින පුරා ඇති ලංකා ගමනාගමන මණ්ඩලයේ ඩිපෝ එකසිය හතෙන් අතලොස්සක පමණක් බවය.එමෙන්ම සෙසු ඩිපෝ මඟින් පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් ලබා දුනහොත් එම ඩිපෝ වල බස් ධාවන කටයුතු අඩාල වීමට හෝ මුලුමනින් නතර වීමට හැකි බවකි. එමෙන්ම එය සියලු බස් මඟීන් ද දැන සිටිය යුතු කරුණක් බව ලංකා ගමනාගමන මණ්ඩල ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.