පෞද්ගලික බස් රථ හා ලංගම බස් රථ කාර්ය මණ්ඩල අතර පවතින ගැටුම මත ඇතැම් පෞද්ගලික බස් රියැදුරන් ලංගම රියැදුරන්ට පහර දීම සම්බන්ධයෙන් තමන් පොලීසිය හා ගමනාගමන කොමිසම දැනුවත් කොට ඇතැයි අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද(09) පාර්ලිමේන්තුවේ දී පැවසීය. “පෞද්ගලික බස් රියැදුරන් ලංගම රියැදුරන්ට අතර ගැටුමක් තිබෙනවා. අත් අඩංගුවට ගැනීමට පොලීසියට කියා තිබෙනවා. පුද්ගලික බස් රථ රියදුරන්ටවා පහර දෙනවා නම්, මම ගමනගමන කොමිෂමට උපදෙස් දී තිබෙනවා, ඔවුන්ගේ මාර්ග බලපත්‍ර අහෝසි කරන්න කටයුතු කරන්න කියලා” යැයි ඇමතිවරයා පැවසීය.මේ අතර ලංගම බස් රථ කෙරෙහි මඟීන් පසුගන්වන බොරු ප්‍රචාර සේම නීති විරෝධී ලෙසින් ලංගමය සතු ධාවන වාර පෞද්ගලික බස් රථ රියැදුරන් අයථා ලෙසින් පැහැර ගන්නා අවස්ථාවන් දිනෙන් දිනම ඉහළ නැංවෙන බව ලංගම ආරංචි මාර්ග සඳහන් කරයි.