ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් එක් දිනක දී රුපියල් ලක්ෂ සියයක මුදලක් වංචා කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. එබැවින් එය මැඬලීම පිණිස විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද අමාත්‍ය වරයා වැඩිදුරටත් පවසයි.ලංගමයේ ජංගම හදිසි වැටලීම් වැටලීම් ඒකකය විසුරුවා හැරිය ද ප්‍රාදේශීය මට්ටමෙන් ජංගම වැටලීම් ඒකක 12ක් පිහිටුවීමට උපදෙස් ලබාදී ඇතැයි ද අමාත්‍යවරයා පවසන අතර ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දෛනිකව වංචා කරන බව රුපියල් ලක්ෂ සියයක මුදල ගණනය කරන ලද්දේ කෙසේ ද ? යන්න පිළිබඳව බොහෝ දෙනකු තුළ විමතියක් හට ගෙන තිබේ.