ඉතා වැදගත් ජනතා මෙහෙවරක් ඉටු කරන ලංගම සේවකයන්ට පහර දීමට කිසිවකුටත් ඉඩ දිය නොහැකි බවත්, ලංගම හා ලංගම සේවකයින් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නීතිමය පියවර ඉදිරියේ දී ගන්නා බවත් ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.ලංගම සහ පුද්ගලික බස්රථ ගැටුම සම්බන්ධව අද (27) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැනයකට පිළිතුරු වශයෙන් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.මේ අතර ලංගම බස් රථ හා තරඟකාරී ලෙස ධාවනය කෙරෙන පෞද්ගලික බස් රථ වලට සම්බන්ධ සංවිධානාත්මක පිරිස් විවිධ ගැටුම් නිර්මානය කොට ලංගම බස් ධාවනය අඩාල කිරීමට කටයුතු කරන බවත් එම පිටස්තර පිරිස් ලංගම සේවකයන්ට මැර තර්ජන සේම පහර දීම් පවා සිදු කරන බවත් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් වාර්තා වෙයි.