ලංවිම ඉංජිනේරුවෝ අකුරට වැඩ අරඹති

තමන්ට මුහුණ දීමට සිදු වන වෘත්තීය අසාධාරණකම් කිහිපයක් මුල් කොට අද (25) මධ්‍යාහ්න 12 සිට ක්‍රියාත්මක වන පරිදි අකුරට වැඩ කිරිමේ අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.යුගදනවි බලාගාරයට අදාළ ගනුදෙනුව ඇතුළු දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම,විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම,1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම,සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම,ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම යන කරුණු මුල් කර ගනිමින් මෙම විරෝධතා ව්‍යාපාරය පවත්වාගෙන යන බව නිවේදනයක් නිකුත් කරමින් ලංවිම ඉංජිනේරු සංගමය කියයි.
විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් සේවයට වාර්තා කරන්නේ පෙරවරු 08:30 සිට පස්වරු 4:15 දක්වා වන සාමාන්‍ය සේවා කාලය තුළ පමණක් බවත්, මෙමඟින් විදුලිය ඇනහිටීම් යථා තත්ත්වයට පත් වීමේ දී ප්‍රමාදයන් සිදු විය හැකි බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

කාලීන පුවත්