ලක්ෂ තිස් පහක් ඡන්දය දී නෑ;අපේක්ෂකයන් තිස් පහකට ඇපත් නෑ

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය සලකුණු කර නොමැති පිරිස ලක්ෂ 35 කට අධික බව මැතිවරණ කොමිසම පවසයි.2019 වසරේ ප්‍රකාශිත ප්‍රතිශතය 83%ක් ලෙස පැවති 2024 ජනාධිපතිවරණයේ ප්‍රකාශිත සමස්ත ඡන්ද ප්‍රතිශතය 79% කට අධික වේ.ඒ අතර ජනාධිපති අපේක්ෂකයන් 35 දෙනෙකුගේ ඇප මුදල් රාජසන්තක වන බව ද මැතිවරණ කොමිසම පවසයි.මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, 12.5% ඉක්ම වූ ඡන්ද ප්‍රතිශතයක් ලබා නොගැනීම හේතුවෙන් ඇප මුදල් රාජසන්තක වන බවයි.

කාලීන පුවත්