ලක්‍ෂ දහ තුනක රාජ්‍ය සේවකයන් ලක්ෂ හත හමාරක් දක්වා අඩු කළ යුතුයි

ශ්‍රී ලංකාවට මෙතරම් විශාල රාජ්‍ය අංශයක් දැරීමට තවදුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.භාණ්ඩාගාරය දැනට සිදුකරන වියදම් රටාව තව දුරටත් පවත්වා ගැනීමට නොහැකි වනු ඇති බවද පැවසූ ඔහු දැනට රට තුළ සිටින ලක්‍ෂ දහතුනක් පමණ වන රාජ්‍ය සේවකයන් ඉදිරියේදී ලක්ෂ හතහමාරක් දක්වා අඩු කිරීමට සිදුවනු ඇති බව කියයි.එමෙන්ම ඉන්දීය ශ්‍රම බලකායෙන් රාජ්‍ය සේවය 9%ක් ව පවතින පසුබිමක ශ්‍රී ලංකාවේ එම ප්‍රතිශතය 15 % ක් වීම රජයට දැරිය නොහැකි බරක් වන බව ද පසුගිය කාලයේ විවිධ පාර්ශව මඟින් පෙන්වා දෙන ලදී.එහෙත් ඉකුත් ජනපතිවරණ වෙදිකාවේ ජාතික ජන බලවේගය ප්‍රකාශ කොට සිටියේ රාජ්‍ය සේවය හැකිලවීම පිළිබඳ කිසිදු අදහසක් තම රජය තුළ නොමැති බවකි.

කාලීන පුවත්