එළැඹෙන ඉදිරි අයවැය තුළින් තම වියදම ද සියයට පනහකින් අඩු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. එහි අරමුණ ජනතාවට බරක් නොවන ආණ්ඩුවක් නිර්මාණය කිරීම අරමුණ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.තවද, ජනාධිපතිවරයා අවධාරණය කළේ, ජාතිවාදයට හෝ ආගම්වාදයට යළි මේ බිමේ කිසිදු ඉඩක් නැති බවයි. කුරුණෑගල ප්‍රදේශයේ පැවති සුහද හමුවකට සහභාගි වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළ අතර පක්ෂ ක්‍රියාකාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.