ලබන මාසයේ සිට විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි

ලබන ජූලි මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත විදුලි ගාස්තු සංශෝධනයේදී ගාස්තු අඩු වන ආකාරය මහජන උපයෝගිතා කොමිසම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.ඒ අනුව, ඒකක 0- 30 දක්වා කාණ්ඩයේ දී 26.9% ලෙසද, විදුලි ඒකක 31-60 දක්වා 10.8% ක් ලෙසද, විදුලි ඒකක 61- 90 දක්වා 7.2% ලෙසද විදුලි පාරිභෝගිකයින් ගේ පාරිභෝගිකයින්ගේ ගාස්තු අඩු වන බව දක්වා සිටියි.එමෙන්ම, විදුලි ඒකක 91 – 180 දක්වා කාණ්ඩයේ විදුලි බිල 3.4% දක්වා ප්‍රමාණයක් අඩු වන බවත්, විදුලි ඒකක 180 ට වැඩි පාරිභෝගිකයින් සඳහා 1.3% පෙනවනේ එකෙන් විදුලි බිල අඩු වන බවත් උපයෝගීතා කොමිසම වැඩිදුරටත් දක්වා සිටියි.නමුත් කර්මාන්ත අංශයේ සහ පොදු කාණ්ඩය මෙන්ම වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන කාණ්ඩයේ විදුලි බිල් එහි කිසිදු වෙනසක් නොවන බව ද, හෝටල් ක්ෂේත්‍රයේ විදුලි බිල 12.6% අඩු වන බවද බවද උපයෝගීතා කොමිසම ප්‍රකාශ කරයි.නමුත් මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතා පවසා සිටියේ දැනට පවත්නා තත්වයන් විශ්ලේෂණය කිරීමේ දී විදුලි පාරිභෝගිකයන්ට මීට වඩා සහනයක් දීමේ පැහැදිලි හැකියාවක් ලංකා විදුලි බල මණ්ඩලය සතුව පවතින බවකි.

කාලීන පුවත්