ලබන වසර මුල අපේ ආහාර අතරට “කුඩු රොටී”ත්

ලබන වසරේ මුල් භාගයේ දී අපේ රට බරපතල ආහාර අහේනියකට මුහුණ දෙන බවට විද්‍යාත්මක පුරෝකථනයන් පවා මේ වන විට ප්‍රකාශ වී තිබේ. මෙවන් තත්වයක් තුළ රටේ ජනතාවගේ සුපුරුදු ආහාර රටා සැලකිය යුතු ලෙස වෙනස් වීම අතිශය සුලබ තත්වයකි.

මිනිසා ශිෂ්ටාචාර ගත වීමට පෙර සිට තම කුස ගින්න නිවා ගත්තේ සත්ව සහ ශාඛ කොටස් අනුභවයෙනි.එමඟින් ආහාර රටා බිහි වූ අතර පසුව ඒවා ආහාර සංස්කෘතීන් ලෙස වැඩි දියුණු විය.රටින් රටට,සමාජයෙන් සමාජයට මෙම ආහාර රටා සහ සංස්කෘතීන් වෙනස් වෙයි.

ශ්‍රී ලංකාව තුළ අතීතයෙන් උරුම වූ අනන්‍ය ආහාර සංස්කෘතියක් පවතී. දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන අපූර්ව ආහාර සංස්කෘතියක් රට තුළ පවතින බව ද සඳහන් කළ යුතු ය.

ඓතිහාසික ලේඛන සහ පුරා විද්‍යා මූලාශ්‍ර මඟින් පවා මේ සඳහා සාක්ෂි සපයා ගත හැකි ය. මෙම ලේඛන හා මූලාශ්‍ර අතර මහාවංශ, රසවාහිනී,සද්ධර්මරත්නාවලිය,සද්ධර්මාලංකාරය, ජාතක අටුවා, ථූපවංශ, බෝධිවංශ,ආදී කෘතීන් සඳහන් කළ හැකි අතර තෝනිගල, මැදිරිගිරිය, එප්පාවල සහ වේවැල්කැටිය යන සෙල්ලිපි ද සෙසු මූලාශ්‍ර ලෙස ගත හැක.

පොදුවේ ගත් කල, ලෝකයේ මිනිස් ආහාර වර්ග කාණ්ඩ කිහිපයකට වර්ග කර ඇත. ඒවා ධන්‍ය , අල, එළවළු, කොළ, පලතුරු, කිරි, බිත්තර, මස් සහ මාළු ය. ඊට අමතරව රසකැවිලි, විවිධ තෙල් වර්ග සහ පාන වර්ග, කුළුබඩු වැනි ද්‍රව්‍ය ආහාර ලෙස ගනු ලැබේ.

පෝෂණ විශේෂඥයින් පවසන පරිදි සමබල ආහාර වේලකට ඇතුළත් විය යුතු කාබෝහයිඩ්‍රේට්, මේදය, ප්‍රෝටීන්, ජලය, විටමින් සහ තන්තු වැනි සංඝටක අඩු වැඩි වශයෙන් අපගේ සාම්ප්‍රදායික ආහාර වේලෙහි අන්තර්ගත වේ. අපේ රටේ මුතුන් මිත්තන් ධාන්‍ය පිටිවලින් විවිධ ආහාර වර්ග සෑදූ බවට සාක්ෂි තිබේ. ධාන්‍ය වර්ග යොදා ගනිමින් කැඳ වර්ග තුනක් සකස් කරන ලද අතර ඒවා නම් ලුණු කැඳ, කොළ කැඳ සහ කිරි කැඳ (ලුණු කැඳ, ඔසු කැඳ සහ කිරි කැඳ) ය. කැඳ වර්ග 300ක් පමණ තිබූ බව විශ්වාස කෙරේ.

ඇතැම් පැරණි රජවරුන් සෑම දිනකම පාහේ රෝගීන් සඳහා ඖෂධීය කැඳ ලබා දී ඇත. බටු කැඳ, කොහිල කැඳ, අබ කැඳ, පොල්පලා කැඳ, හතවාරිය කැඳ, ඉර මුසු ආදී වශයෙන් වර්ග කළ හැකි වූ මෙම කැඳ වලට අතීත ආහාර සංස්කෘතියේ මුල් තැනක් හිමි විය .

ශ්‍රී ලාංකේය සමාජය ඉන්දීය ආර්යන්ගෙන් සැදුම් ලත් එකක් බවට මත පළ වී තිබේ.අනෙකුත් මානව කණ්ඩායම් වලට පෙර ආර්යයන් විසින් ධාන්‍ය වගා කළ බවට සාධක ඇත.එමෙන්ම ආර්ය සංක්‍රමණයට පෙර ද අප රටේ ධාන්‍ය වගා කළ බවට හෝර්ටන් තැන්න ආදී ප්‍රදේශ වලින් සාක්ෂි ලැබී තිබේ.

පැරණි ලේඛනවල විස්තර කර ඇති පරිදි, අපේ මුතුන් මිත්තන්ගේ ආහාර ප්‍රධාන වශයෙන් සහල් මත පදනම් විය. වී වගාව පිළිබඳ විවිධ රසවත් තොරතුරු ඓතිහාසික මූලාශ්‍රවල ඇත. ඉතිහාසගත සාධක අනුව වී වගාවට අත්‍යවශ්‍ය සාධකයක් වන වැව හඳුන්වා දී ඇත්තේ පණ්ඩුකාභය රජු දවස ය. දකුණේ සහ උතුරේ වැව් 20,000ක් පමණ විය.

පැරණි පාලි ලේඛන වල ද ධාන්‍ය පිටිවලින් පූප හෙවත් රොටි සෑදූ බවට සාක්ෂි තිබේ.එවක දුගීන් සහල් වලින් ඉවත දමන කුරුට්ටෙන් හෙවත් නිවුඩ්ඩෙන් ද රොටී තනා ආහාරයට ගත් බව සනාථ වී වී තිබේ.

ඒවා කුඩ්ඩක පූව හෙවත් “කුඩු රොටී” යනුවෙන් සඳහන් වෙයි ශ්‍රී ලාංකීය ආහාර සංස්කෘතිය තුළ අපේ පැරැන්නන් විසින් මාළු සහ මස් බහුලව පරිභෝජනය කරන ලදී. ඔවුන් ආහාරයට ගත් ජනප්‍රිය මස් වර්ග වූයේ මුව මස්, එළුමස්, ඌරු මස්, මොනර මස් මස් ය. කෙසේ වෙතත්, එවකට සිටි ඇතැම් පාලකයන් විසින් ගව මස් අනුභව කිරීමට ඉඩ නොදුන් නිසා මෙරට අතීත සමාජයේ ගවමස් අනුභවයටමුල් තැනක් හිමි වූ බවක් නොපෙනෙයි.

“ගව මස් අනුභව කරන්නා වසලයෙකි” යන සමාජ සම්මතය බිඳ දමමින් මෙරට ගව මස් අනුභවය නවීනත්වයේ සංකේතයක් ලෙස හුවා දක්වන ලද්දේ මෙරට පාලනය කළ යටත් විජිත පාලකයන්,විශේෂයෙන් ඉංග්‍රීසින් විසිනි. ලූලා, මඩකනය, මගුරා, කවයියා, පෙතියා, ඉස්සන්, කකුළුවන් වැනි මිරිදිය මත්ස්‍ය වර්ග අතීතයේ දී ආහාර සඳහා ගෙන ඇත. කෙසේ වෙතත්, මුහුදු මත්ස්‍ය ප්‍රභේද අනුභව කළ බවට සැළකිය යුතු තරම් සාක්ෂි නොමැත.

අප රටේ මුහුදු මාළු ජනප්‍රිය ආහාරයක් බවට පත් වන්නට ඇත්තේ යටත් විජිත යුගයෙන් පසුව බව පෙනෙයි. වර්තමානයේ මෙන් අතීතයේ මෙර වානිජ බෝග වගාවක් දක්නට නොතිබිණ. බොහෝ විට ඒවා ගෘහස්ථ පරිභෝජනය සහ භාණ්ඩ හුවමාරුව පිණිස පමණක් යොදා ගන්නා ලදී. අපේ පැරැන්නන් කොළ සහ එළවළු මිශ්‍ර කර ඒවා තමන් විසින්ම වගා කරන ලදී ඒ ගෙවතු වගාව සහ හේන් වගාව ලෙසිනි.

ගම්පොල රාජධානි සමයේ ලියැවුණු සද්ධර්මාලංකාරයේ සඳහන් පරිදි අල, කෙසෙල්, පොල්, පුවක්, කොස් වගා කළේ ගෙවතුවල ය. කැකිරි, පුහුල්, දෙල්, රත්තම්පලා, තියඹර, තිබ්බටු, අළුපුහුල්, වට්ටක්කා, මෑ, මිරිස් සහ බණ්ඩක්කා අතීතයේ ප්‍රසිද්ධ එළවළු භාණ්ඩ විය. අනෙකුත් ආහාර ද්‍රව්‍ය අතරට කොළ, බටු, මුරුංගා, කොල්ලු, කිරිබදුකොළ, තුඹ ඇතුළත් විය. මෙම ආහාර සංස්කෘතියට කැවිලි වර්ග ද ඇතුලත් විය.

මෙම ආහාර මධුරාහාර හෝ අවුල්පත් ලෙස නම් කරන ලදී. මෙම කැවිලි වර්ගය අලුවා, හැලප, ඉඟුරුදෝසි, පුහුල්දෝසි, වැලිතලප, පැණි වළලු, දොදොල්, ලාලු, කිරි රොටි ආදී විවිධ භාණ්ඩ වලින් සමන්විත විය. වර්තමානයේ ප්‍රසිද්ධියට පත්ව ඇති කැවිලි ද්‍රව්‍ය දිගු කාලයක් පුරා සංස්කෘතික වශයෙන් පරිනාමය වූ ඒවා වේ.

අපගේ ආහාර රටාව තුළ කිරි යනු ඉහළ සංස්කෘතික වටිනාකමක් ඇති ආහාර ද්‍රව්‍යයකි. ‛‛පස්ගෝරසය” එළකිරි වලින් සාදන ලද අතර ඒවා විවිධ රසයන්ගෙන් යුතු විය. ඉහත තොරතුරුවලින් පෙනී යන්නේ ශ්‍රී ලංකාවට උරුම වූ සහ සංස්කෘතික වශයෙන් වටිනා ආහාර සංස්කෘතියක් තිබූ බවයි.

යම් යම් වෙනස්කම් සිදු වුව ද, මෙම සංස්කෘතිය කිසිදු අනතුරකින් තොරව පැවතී ඇත. නමුත් පසුකාලීනව අපේ ආහාර සංස්කෘතියේ බොහෝ වෙනස්කම් ඉන්දියානු සංස්කෘතියේ බලපෑම මත සිදු වී ඇත.

උදාහරණයක් ලෙස පිට්ටු,ආප්ප, ඉඳිආප්ප, තෝසේ, වඩේ, පපඩම් වැනි ආහාර ද්‍රව්‍ය ඉන්දියාවෙන් පැමිණි ඒවා ය. පෘතුගීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි පාලන සමයේ දී ශ්‍රී ලංකාවට විවිධ ආහාර ද්‍රව්‍ය හඳුන්වා දෙන ලදී.

බටහිරින් පැමිණි එළවළු සහ පලතුරු නම් කැරට්, බීට්, ලීක්ස්, ගෝවා, අඹ, රඹුටන්, පැපොල්, අන්නාසි, මිදි, ඇපල් සහ පෙයාර්ස් ය.ඒවා මෙහි වගා කරන ලද්දේම වානිජ බෝග වශයෙනි.

මුස්ලිම් සංස්කෘතිය ද ශ්‍රී ලංකාවට සමහර ආහාර ද්‍රව්‍ය උරුම කර දී ඇති අතර ඒවාට ප්‍රධාන වශයෙන් විවිධ බත් වර්ග,මස්කට්, බූන්දි, රටඉඳි සහ වටලප්පම් ඇතුළත් වේ.

මේ සියළු තත්වයන් යටතේ දැනට රට තුළ පවත්නා ආර්ථික බිඳ වැටීම මත ඉදිරි වසර මුල වන විට අපට නැවතත් කුඩ්ඩක පූව හෙවත් කුඩුරොටී ආහාර සංස්කෘතියකට යාමට සිදු වීමට ද බැරි කමක් නැත.

රේණුකා ගමගේ

ඉරා අදුරුපට