ලබන සතියේ සිට විදුලිය අඛණ්ඩව?

විදුලි ජනක යන්ත‍්‍ර සඳහා යයි කියමින් යම් යම් පිරිස් වෙත කෑන්, බැරල්, බූලි වලට ඉන්ධන ලබා දීමට සිදුව ඇති බැවින් එම තත්වය මඟ හැරීම පිණිස ලබන සතියේ මුල සිට විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩ විදුලි සැපයුමක් ලබා දීමට අපේක්ෂා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(21) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.ඩීසල් හා දැවිතෙල් මගින් විදුලිය නිපදවීමේ වියදම වැඩි වුව ද අඛණ්ඩ විදුලිය සැපයීම මගින් එම ඉන්ධන අධිපරිභෝජනය මග හරවා ගත හැකි යයි ද අමාත්‍යවරයා පැවසීය.

කාලීන පුවත්