මහියංගණයේ දී වෙඩි වැදීමට ලක් වූ සීතා ඇතින්න තවත් සතියක පමණ කාලයකින් පසුව මහරගම පිහිටි හිමි කරුගේ වෙත රැගෙන යා හැකි බව ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාර පශු වෛද්‍ය ඒකකයේ පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා පවසයි.එතෙක් සීතා වෛද්‍ය අධීක්ෂණය යටතේ ගන්නෝරුවේ රඳවා තබා ගත යුතු බව ද පශු වෛද්‍ය තරිඳු විජේකෝන් මහතා සඳහන් කරයි.ඇතින්න මහියංගණයේ සිට පෙරේදා (5) පස්වරුවේ මහනුවර ගන්නෝරුව දක්වා ට්‍රක් රථයකින් රැගෙන එනු ලැබ තිබේ. වෙඩි වැදීමෙන් හා සැත්කමට ලක් කිරීමෙන් ඇතිව තිබෙන තුවාලවලට ප්‍රතිකාර කෙරෙන බවත්, මේ වන විට එම තුවාල සුව වෙමින් තිබෙන බවත් ඇගේ සෞඛ්‍ය තත්වය කෙමෙන් යහපත් අතට හැරෙමින් තිබෙන බවත් පශු වෛද්‍ය විජේකෝන් මහතා වැඩි දුරටත් කියයි.