පසුගිය අගෝස්තු 20 වනදා සිට පුරා මාසයක් ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය ලබන 21 වනදා අළුයම හතරට ඉවත් කරනවා ද නැතහොත් තව දුරටත් දීර්ඝ කරනවාද යන්න පිළිබඳව අද(17)පැවැත්වෙන කොවිඩ් මර්දන ජනාධිපති කාර්ය සාධක බලකා රැස්වීමේ දී තීරණය වනු ඇත.මෙම තීරණය සම්බන්ධයෙන් දෙයාකාරයක මත පළ වන අතර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කොට සිටියේ ඉකුත් කාලයේ ඇඳිරි නීතිය පැනවීම මත කොවිඩ් මරණ සැළකිය යුතු සංඛ්‍යාවක් අඩු කර ගත හැකි වූ බැවින් දැඩි සෞඛ්යාරක්ෂිත නීති රීති මැද ලබන 21 වනදා බොහෝ දුරට රට විවෘත කිරීමට ඉඩ ඇති බවකි.