මීට වසර 15කට පෙර කුරිරු ලෙස ඝාතනය කරන ලද ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාට සහ එම පවුලට ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් එම යුතුකම ඉටු නොකළ බවත් එය ලැජ්ඡාවට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියයි.එම ඝාතනයට අදාල යුක්තිය ඉටු කරන බවට පසුගිය වසර කිහිපයේම මැතිවරණ සමයේ විවිධ දේශපාලනඥයන් පොරොන්දු වුවත් මේ දක්වාත් එය ඉටු නොවූ අතර ලසන්ත වික්‍රමතුංග මහතාසිය ජීවිත කාලය තුළ ප්‍රශස්ත ප්‍රබුද්ධ මාධ්‍යවේදියකු ලෙස සුවහසක් ජනතාවට සත්‍ය සහ ඇති තතු හෙළි කරන්නට කටයුතු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහුට ඔහුගේ ජීවිතය පුජා කරන්න සිදු වූ බව විපක්ෂ නායකවරයා පැවසීය.