සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්රමසිංහ මහතා පත්කර තිබේ.
ලසන්ත වික්රමසිංහ මහතා මිල්කෝ සමාගමෙන් ඉවත් කර එහි සභාපතිවරයා ලෙස රේණුක පෙරේරා මහතා පත් කළ අතර මිල්කෝ සමාගම ඉහළට ගෙන ඒ්මට ලසන්ත වික්රමසිංහ සමත් වූ බව එම සේවකයන් ප්රකාශ කර තිබිණි.
මිල්කෝ සභාපතිවරයා ඉවත් කිරීමට එරෙහිව මිල්කෝ සේවකයන්ගෙන් ද එල්ල වූයේ දැඩි විරෝධයකි.
කඩා වැටී තිබූ මිල්කෝ සමාගම ඉහළට ගෙන ඒ්මට ලසන්ත වික්රමසිංහ සමත් වූ බව එම සේවකයන් ප්රකාශ කර තිබූ අතර දැනට දැඩි අර්බුදයකයට පත් ව ඇති සීමාසහිත ලංකා පොහොර සමාගම යථාවත් කිරීම ඔහුට පැවරෙන බැරෑරුම් අභියෝගයක් වනු ඇතැයි එම සමාගමේ සේවකයෝ කියති.