ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව විධායක නියෝග අනුව එරටින් පිටුවහල් කිරීමට නියමිත අනවසර සංක්‍රමණිකයින් අතරට ශ්‍රී ලාංකිකයින් තුන්දහස් හැටපස් දෙනෙකු ද ඇතුළත් වෙන බව සඳහන් වෙයි.
ඇමෙරිකා ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනයේ බලාත්මක හා ඉවත් කිරීමේ මෙහෙයුම් කොට්ඨාසය නිකුත් කළ වාර්තාවකට අනුව පසුගිය වසරේ නොවැම්බර් 24 වන දින වන විට එරට රැදි සිටින අනවසර සංක්‍රමණිකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ හතලිස් පන්දහස් පන්සිය හතලිස් නවයක්.
ඔවුන් අතරින් තුන්දහස් හැටපස් දෙනෙකු ශ්‍රී ලාංකිකයින් බවයි එම වාර්තාවේ දැක්වෙයි. කෙසේ වුවද ඔවුන් කිසිවෙකු තවමත් ආගමන හා රේගු බලාත්මක කිරීමේ රැදවුම් භාරයේ පසු නොවන බවද එහි දැක්වෙයි.