ලාල්කාන්ත සහෝදරයා ලාල්කාන්ත මහත්තයා වීම ගැන සතුටුයි

“ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා, කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණට ඔය පරණ මාක්ස්වාදී හැව අතහරින්න කියලා”.එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.ඒ මාලිමාවේ දැන් සමාජවාදය නැතැයි ලාල්කාන්ත කියා තිබූ බවත් ඒ ගැන දරන අදහස කුමක්දැයි කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා මෙසේ ද කීය.”සමහරු මං දැක්කා සමහරු ඒ අයගේ පෙළපාලිවල කාල්මාක්ස්, එංගල්ස්, ලෙනින් නැති එක ගැන ප්‍රශ්න කරලා තිබුණා. අපි නම් දකින්නේ ඒක ප්‍රගතියක් පැත්තට ගත්ත පියවරක් හැටියටයි.කාල්මාර්ක්ස් එංගල්ස්ලා දර්ශනයක් හැටියට හැදෑරුවට කමක් නැහැ. නමුත් ඒවා ප්‍රායෝගිකව මහ පොළොවේ ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් නෙමෙයි”

කාලීන පුවත්