ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාමට සාපේක්ෂව ගෑස් මිල වැඩි කළ යුතු වුවද ලාෆ් ගෑස් සමාගම ගෑස් මිල ඉහළ නොදමා මෙම මාසයේ ද ඔක්තෝම්බර් මාසයේ පැවති මිලට ගෑස් අලෙවි කරන බව ලාෆ් ගෑස් ආයතනයේ සමූහ විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසයි.ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 3985 කට සහ කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1595 කට අලෙවි කරන බව ද පීරිස් මහතා වැඩිදුරටත් කියයි.