ලාෆ් ගෑස් රුපියල් 500කින් පහළට

ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 500 කින් පහත දමා තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 5,300ක් වනු ඇත.කිලෝග්‍රෑම් 5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 2,120කි.ලිට්‍රෝ ගෑස් මිල ද මේ වන විට අවස්ථා දෙකකදී පහළ දමා ඇති අතර කිලෝග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,280ක්ද කිලෝග්‍රෑම් 5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,720ක් ද වනු ඇත.

කාලීන පුවත්