ලැබෙන වැස්සෙන් ජල විදුලි නියැයුම 20% තෙක් ඉහළට

පසුගිය සතියේ සියයට 14 ක්ව පැවැති ජල විදුලි නිෂ්පාදනය මේ වන විට සියයට 20 ක් දක්වා ඉහළ දැමූ බව ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.මේ වන විට විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ වලට සුළු වශයෙන් වර්ෂාව ලැබෙමින් පවතින ප්‍රමාණය අනුව මෙසේ ජල විදුලි නිෂ්පාදනය ඉහළ දමා ඇති අතර ජල විදුලි නිෂ්පාදනයේ ප්‍රතිශතය ඉදිරියේ දී වර්ෂාව ලැබෙන ආකාරය මත රඳා පවතිනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කරයි.නමුත් ඉදිරි දිනවලදී වර්ෂාව නොලැබුණ හොත් නැවතත් ජල විදුලි නිෂ්පාදනය පෙර පරිදිම පහත දැමීමට සිදුවන බව ද එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්